
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබේ.
මෙම භූකම්පනය හේතුවෙන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ඇතැම් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයට ආසන්න මෑන්හැටන් බීච් ප්‍රදේශයට එය තදින් දැනී ඇති බවය.
එමෙන්ම,භූකම්පනයෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් ද වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් සිදු වූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වේ.
මේ අතර, ඉදිරියේදී තවදුරටත් පසුකම්පන ඇති විය හැකි බැවින් ඒ සඳහා සූදානමින් සිටින ලෙස කැලිෆෝනියා බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබේ.



















































