
දිවයිනේ ප්රදේශ තුනකදී සිදු වූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිලිනොච්චිය - වට්ටකච්චිය අතුරු මාර්ගයේ, කිලිනොච්චිය වැව් බැම්ම ආසන්නයේදී යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
වට්ටකච්චිය දෙසට ධාවනය වූ යතුරුපැදිය ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් වූ කිලිනොච්චිය ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර, ඉංගිරිය - පාදුක්ක මාර්ගයේ අරුක්වත්ත ප්රදේශයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාදුක්ක දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ පඩිපෙළක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු පාදුක්ක රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ 76 හැවිරිදි පැල්මඩුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
වෑන් රථයේ රියදුරු ද අනතුරින් තුවාල ලබා හෝමාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර, පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම වෙරළබඩ පොලිස් වසමේ හෙට්ටියාවත්ත හන්දිය ආසන්නයේදී කැබ් රථයක්, පදික කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 74ක් වූ වත්තල ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































