
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් ද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව ද අද (28) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2027 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ හයවන දිනය වන අද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (103, 222 සිට 224, 304, 325) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එහිදී එය වැඩි ඡන්දයෙන් සම්මත විය.
කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.20 ට පමණ සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ 103 වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 85 ක්ද විපක්ෂව ඡන්ද 04 ක්ද හිමි විය.
ඒ අනුව වැඩි ඡන්ද 81 කින් එම (103 ) වැය ශීර්ෂය සම්මත විය.
මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 225 සංශෝධන සහිතව ද අනෙකුත් වැය ශීර්ෂ (189, 226,320) ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

















































