
දිස්ත්රික්ක කිහිපයකට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (28) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බවද එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න, හඟුරක්කෙත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දන්වා තිබේ.
මීට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, කළුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, මහනුවර දිස්ත්රික්කයේ යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරලය, දොලුව, උඩුනුවර, කෑගල්ල දිස්ත්රික්කයේ අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, රඹුක්කන, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය, තලවකැලේ, මාතලේ දිස්ත්රික්කයේ රත්තොට සහ රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, කිරිඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්භවින් සිටින ලෙසද දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.















































