
ලෝකයේ විශාලතම කළු තේ නිෂ්පාදකයා සහ ගෝලීය වශයෙන් තුන්වන විශාලතම තේ අපනයනකරු ලෙස ඉන්දියාව තවදුරටත් සිය ස්ථානය රැකගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
2025-26 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව තේ කිලෝග්‍රෑම් මිලියන 282.11ක් අපනයනය කර ඇති අතර එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 988.13 කි.
ඉන්දීය තේ මණ්ඩලය විසින් සංවිධානය කළ තේ පාර්ශ්වකරුවන්ගේ හමුවකදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් විසින් ක්ෂේත්රය පිළිබඳ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.
තේ කර්මාන්තය යළි නඟා සිටුවීම, තේ වෙන්දේසි ක්‍රමවේදය වඩාත් වේගවත් සහ ශක්තිමත් කිරීම, තේ පර්යේෂණ ශක්තිමත් කිරීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, අපනයන ප්‍රවර්ධනය, තේ කම්කරුවන්ගේ සුබසාධනය සහ අපනයන ප්‍රවර්ධන මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් ඇතුළු පුළුල් කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
තාක්ෂණය මත පදනම් වූ ප්‍රතිසංස්කරණ, ඉහළ විනිවිදභාවය, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ගනුදෙනු සම්බන්ධ දුෂ්කරතා අවම කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමුවී ඇත.















































