
ඇෆ්ගනිස්තානයේ ඊසානදිග කුනාර් පළාතේ පාසලක් ආසන්නයේ පිහිටි නිවසක සිදුවූ පිපිරීමකින් සිසුන් හත්දෙනෙකු මියගොස් තවත් 97 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (28) සිදුවූ මෙම පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් නන්ගර්හාර් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, පතල් කර්මාන්ත කටයුතු සඳහා නිවස තුළ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය මෙම පිපිරීමට හේතු වී ඇති බවය.
පිපිරීම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකටද හානි සිදුව ඇත.















































