
ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ යොවුන් ක්රිකට් ලීගයේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 140ක දැවැන්ත ජයක් ලැබීමට මහනුවර කණ්ඩායම සමත්විය.
කොළඹ ආනන්ද විදුහල් ක්රීඩාංගණයේ ඊයේ (27) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී ලකුණු 238ක් රැස්කිරීමට සමත්විය.
එහිදී රමේෂ් ලක්ෂාන් (74), මොහොමඩ් රායීඩ් (38) පිත්තෙන් දක්ෂතා දැක්වූ අතර, කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් චේතින කාවින්ද ලකුණු 18කට කඩුලු 3ක් දවාගත්තේය.
කෙසේ නමුත් ලකුණු 239ක ඉලක්කයක් හඹාගිය කොළඹ උතුර කණ්ඩායමට පන්දුවාර 32.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98ක් පමණි. එහිදී සුපිරි පන්දු යැවීමක නිතරවූ විනුජ ආයුවර්ධන ලකුණු 17කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය.
කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, මහනුවර සහ දඹුල්ල ලෙස කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ක්රීඩාංගණ 4කදී පැවැත්වේ.
සමස්ත තරගාවලිය තරග 13කින් සමන්විත අතර, මූලික වටයේ තරග අවසානයේ ප්රසාද පුවරුවේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
මහනුවර 238/10 (පන්දුවාර 42.2)
රමේෂ් ලක්ෂාන් 78, මොහොමඩ් රායීඩ් 38, සෝගිත සෙනෙත් 34, චේතින කාවින්ද 3/18, දිනර විතාන 2/23
කොළඹ උතුර 98/10 (32.1)
චාමික ප්රනාන්දු 27, චේතින කාවින්ද 26, විනුජ ආයුවර්ධන 6/17, යසිත් ඉඳුවර 2/8




















































