
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත්වූ කුසල් මෙන්ඩිස්ට ගෞරව දැක්වීමක් ලෙස ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූපයක් ඔහු නියෝජනය කරන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා මණ්ඩපයේදී නිරාවරණය කර තිබේ.
මෙම අවස්ථාවට හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙන්ම SSC ක්‍රීඩා සමාජයේ නිලධාරීන්ද එක්ව සිටියහ.
මීට පෙර දුලිප් මෙන්ඩිස්, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිමුත් කරුණාරත්න යන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින්ටද මෙම ගෞරවය හිමිව තිබේ.
ඒ අනුව, SSC ක්‍රීඩා සමාජයේදී මෙම ගෞරවය හිමිකරගත් හයවැනි ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් පත්ව ඇත.
ශ්‍රී ලංකාවට වැඩිම ටෙස්ට් ක්‍රිකට් නායකයින් සංඛ්‍යාවක් බිහිකළ ක්‍රීඩා සමාජය ලෙසද SSC ක්‍රීඩා සමාජය වාර්තා අතරට එක්වේ.















































