
අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට ලැබීම පිළිබඳව සතුටු වන බව අමෙරිකානු තානාපති එරික් මයර් මහතා සඳහන් කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්රකාශ කර ඇත.
වොෂින්ටනයේ සේවය කළ කාලය පිළිබඳව සමරසිංහ මහතා දැක්වූ අදහස් අගය කළ බවත්, ඔහුගේ ධුර කාලය තුළ අමෙරිකා - ශ්රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට ගත් උත්සාහයන් වෙනුවෙන් ස්තූතිය පළ කළ බවත් එම සටහනේ දැක්වේ.
දෙරට අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය පිළිබඳව මෙලෙස අදහස් හුවමාරු කර ගැනීම සැමවිටම යහපත් දෙයක් බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මහින්ද සමරසිංහ මහතා 2021 වසරේ දෙසැම්බර් සිට 2026 ජූලි 31 දක්වා වසර 5කට ආසන්න කාලයක් අමෙරිකාවේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.








































