
මධ්‍යම තුර්කියේ එස්කිෂෙහිර් ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී අනතුරෙන් යානය තුළ සිටි හමුදා සාමාජිකයන් පස් දෙනාම මියගොස් තිබේ.
මෙලෙස කඩා වැටී ඇත්තේ තුර්කි ගුවන් හමුදාවට අයත් AS-532 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි.
ගුවන් යානය පුහුණු පියාසැරියක් සඳහා ගුවන්ගතවීමෙන් අනතුරුව මෙලෙස කඩා වැටී තිබේ.
කඩා වැටීමත් සමග එය ගිනිගෙන දැවී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පවසයි.








































