
එළැඹෙන උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ශීත කළ මාළු සහ මස් මිලදී ගැනීමේ දී විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බවයි.
අසුරණ ලද ආහාර මිලදී ගැනීමේදී ඒවා කල් ඉකුත්වීමේ දිනය සහ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
උත්සව සමයේදී ආහාර අලෙවිසැල් පරීක්ෂාකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේදී කටයුතු කරන බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේය.








































