
පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ගොනුකළ පෙත්සමට අදාළව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරනවාද? නැත්ද? යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියානාධිකරණය අද(25) නියෝග කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.








































