
දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන් ඉන්සියුලින් (Biphasic Isophane Insulin) එන්නත් (මිනිස්) බීපී 1,000 අයියු, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන්) වයල් 2,700,000ක් සැපයීමේ ප්‍රසම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු 02ක් ලැබී ඇත.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ඉන්දියාවේ 'M.J. Biopharm Private Limited' සමාගම වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර තිබේ.
පිරිවැය සහ ගැල් කූලී මිල ඇතුළත්ව අමෙරිකානු ඩොලර් මිලියන 4.293ක මුදලකට අදාළ ඖෂධ තොගය සැපයීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මේ අතර, හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියූ/මිලිලීටර 0.4 පෙර පුරවා ඇති එන්නත් 920,000ක් මිලදී ගැනීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා ද ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ලැබී ඇත.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන චීනයේ Shenzhen ‘Techdow Pharmaceutical Co. Ltd, (Manufacturer: Shenzhen Techdow Pharmaccutical Co. Ltd, China) වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව අමෙරිකානු ඩොලර් 828,000ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහාද සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.










































