
ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය ව්‍යාපෘතිය හරහා සේවකයන්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට සහ තම ජීවිතවලට බලපාන තීරණ හැඩගැස්වීමට දායකවීමට අවස්ථා හිමි වියයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කරමින්, රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්රකාශනයක් සම්මත කර ගෙන ඇති බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් මතු වූ පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය අතරතුර ඉහළ ගිය බදු සහ භාණ්ඩ මිල ගණන්, ක්‍රය ශක්තිය පහත වැටීම සහ අඛණ්ඩව පැවති දරිද්‍රතාව හේතුවෙන් පවුල් ඒකක වෙත එල්ල වූ පීඩනය තවදුරටත් පවතින බව එහි සඳහන් වේ.
සංවාදය ඔස්සේ ගැටලුවලට විසඳුම් සෙවීමටත්, ආරවුල් උත්සන්න වීම වැළැක්වීමටත්, වඩාත් සර්ව-සහභාගී ආර්ථික පුනර්ජීවනයකට සහාය වීමටත් මෙම ව්‍යාපෘතිය මඟින් රජය, සේවායෝජකයන්, සේවකයන් සහ ප්‍රජාව එකට එක් කර ඇති බව සඳහන්ය.
මෙරට ආර්ථික පුනර්ජීවනය තුළින් වඩා යහපත් රාජ්‍ය සේවාවක්, සේවා ස්ථානවල වඩාත් සාධාරණ තත්ත්වයන් සහ තම අනාගතය හැඩගස්වා ගැනීමට ජනතාවට වැඩි අවස්ථාවක් හිමි විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ගැටලු දුරදිග ගොස් බෙදීම් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීම සඳහා ජනතාව එකට එක් කරමින් සංවාදයක් ඇති කළ යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.
වගකීම වන්නේ ජනතාවට සවන් දීමෙන් නොනැවතී, ඔවුන් ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.










































