
චීනයේ ෂෙන්ෂෝ-24 (Shenzhou-24) අභ්‍යවකාශ යානය අද (25) එරට ටියැන්ගොං (Tiangong) අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම සඳහා ගුවන්ගත වීමට නියමිතය.
මෙම මෙහෙයුමත් සමඟ අභ්‍යවකාශයට ගමන් කරන පළමු පාකිස්තාන ජාතිකයා බවට එහි භාණ්ඩ හා උපකරණ භාර විශේෂඥ (Payload Specialist) සීෂාන් අලි පත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙය පාකිස්තානයේ අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.











































