
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි මහල් 80කින් සමන්විත Public Investment Fund (PIF) Tower ගොඩනැගිල්ලට යළිත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
දින කිහිපයක් ඇතුළත එම ගොඩනැගිල්ලට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙය වන අතර, ඉන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශ පවසයි. තුවාල ලැබූවන් අතර ඉන්දියානු, නේපාල සහ ඊජිප්තු ජාතිකයන් ද සිටින බව වාර්තා වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් යේමනයේ හූති සටන්කාමීන්ට චෝදනා එල්ල වී ඇති අතර, සෞදි ප්රමුඛ සන්ධානය එය 'ත්‍රස්තවාදී ප්‍රහාරයක්' ලෙස හෙළා දැක තිබේ.
සෞදි අරාබියේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන ආයතනයක් වන රාජ්‍ය ආයෝජන අරමුදලේ මූලස්ථානය මෙම ගොඩනැගිල්ල තුළ පිහිටා තිබීම හේතුවෙන් ප්‍රහාරය විශේෂ අවධානයට ලක්ව තිබේ.
මේ අතර, සෞදි ප්රමුඛ සන්ධානය යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එරට ලාහ්ජ් ප්‍රදේශයේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තා වේ.
කලාපයේ උත්සන්න වන ගැටුම් හමුවේ හූති සංවිධානයට සහ එහි ප්‍රධාන සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව බ්‍රිතාන්‍යය ද සම්බාධක පනවා තිබේ.
මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් සමඟ සෞදි අරාබියේ ආරක්ෂාව සහ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබේ.










































