
'ගණේමුල්ල සංජීව' ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් 'බටුවත්තේ චාමර' නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගතකිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (4) නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බටුවත්තේ චාමර' අසර්බයිජානයේ දී අත්අඩංගුවට පත්ව ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.
එතැන් සිට රැඳවුම් නියෝග මත පසුවූ ඔහු අද පළමුවරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.
තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා ඉෂාරා සෙව්වන්දිට ගිනිඅවිය ලබාදීම ඇතුළු අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේද ඔහු ප්‍රධාන සැකකරුවෙකු වේ.





















































