
මොනරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී යුද හමුදා බුද්ධි අංශය සහ පොලිස් විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් එකතුව සිදුකළ ගංජා වගාවක් වටලා තිබේ.
එහිදී අක්කර දෙකක භූමියක වගා කර තිබූ ගංජා ගස් 36,710ක් සමග සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අඩි 6-8ත් අතර උසකින් යුත් එම ගංජා ගස් සියල්ල ගලවා එම ස්ථානයේදී ගිනිතබා විනාශ කිරීමටද පියර ගෙන තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා හම්බේගමුව පොලිසිය වෙත භාර දීමටද පියවර ගෙන ඇත.

















































