
යාපනය, අලවෙට්ටි ප්රදේශයේ අද (01) සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, චුන්නාකම් ප්රදේශයේ පදිංචි 17 සහ 24 යන වයස් කාණ්ඩවල පසු වූ තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි.
අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදිය එය පාලනයෙන් ගිලිහි මාර්ගය අසල තිබූ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
ඉන් බරපතළ තුවාල ලැබූ මෙම තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය ප්රකාශ කළේය.
ඔවුන්ගේ මළ සිරුරු මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙලිප්පලෙයි රෝහල වෙත යොමු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































