
එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන 'කොලම්බස් දිනය' (Columbus Day) නිමිත්තෙන්, හෙට (12) දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබෙන බව නිවේදනය කර ඇත.
ඒ අනුව, අදාළ නිවාඩු දිනයේදී තානාපති කාර්යාලයේ දෛනික සේවාවන් සහ සාමාන්‍ය කාර්යාල කටයුතු සිදුනොකරන බව දැනුම් දී තිබේ.
2026 ඔක්තෝබර් 13 වන අඟහරුවාදා දින සිට සාමාන්‍ය පරිදි කටයුතු යළි ආරම්භ කෙරේ.





















































