
ජබූති සිට යේමනය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරකට ලක්ව, දරුවන් 15 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 109 දෙනෙකු මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් 116 දෙනෙකුට අධික ප්‍රමාණයක් අතුරුදන් වී ඇත.
ජබූතියේ ඔබොක් වරාය නගරයට උතුරින් පිහිටි Guhere ප්‍රදේශය ආසන්නයේදී මෙම අනතුර ඉකුත් 8 හෝ 9 දිනවල රාත්‍රියේ සිදුවී ඇති බව දිවි ගලවා ගත් අයගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි.
ආසන්න වශයෙන් පුද්ගලයින් 305 දෙනෙකු පමණ මෙම බෝට්ටුව තුළ ගමන් කර ඇති අතර, ඉන් පුද්ගලයින් 80 දෙනෙකුට වැඩි පිරිසක් දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.
ඔවුන් සියලු දෙනාම ඉතියෝපියානු ජාතිකයින් වන අතර, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ඉතියෝපියානු රජය ප්‍රතිචාර දක්වා නැත.
මුහුදුබත්වීමෙන් පසු මළ සිරුරු 109ක් ගොඩගෙන ඇති අතර, ඉන් පිරිමි පුද්ගලයින් 52ක්, කාන්තාවන් 42ක්, දැරියන් 9ක් ඇතුළු දරුවන් 15 දෙනෙකු වන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය තහවුරු කර තිබේ.





















































