
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතරඅද (11) රාවල්පින්ඩි හිදී පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් 3ක් සිදුකර ඇති අතර, සිනෙත් ජයවර්ධන, චමිඳු වික්‍රමසිංහ සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවා ඇත.
ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කළ කමිල් මිශාර, දුනිත් වෙල්ලාලගේ සහ දුෂ්මන්ත චමීර ඉවත්කර තිබේ.
පාකිස්තාන කණ්ඩායමද එක් වෙනස්කමක් සිදුකරමින් රසාඋල්ලා වෙනුවට සල්මාන් මිර්සා කණ්ඩායමට ඇතුළත් කර ඇත.
තරග 3කින් සමන්විත මෙම විස්සයි20 තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වී තිබේ.





















































