
යුක්‍රේනයට නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
රුසියාව සමග එළැඹෙ ඇති ඩීසල් ගනුදෙනුව සම්බන්ධයෙන් යුක්‍රේනයේ විවේචනයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
රුසියානු ඩීසල් ටොන් මිලියන ගණනක් එක්සත් ජනපදයට මුදා හැරීමේ නව ගිවිසුමක් මගින් රුසියාවට යුක්‍රේනයට එරෙහි ප්‍රහාර දිගටම පවත්වාගෙන යාමට මුදල් ලැබෙනු ඇතැයිද එය රුසියාවට ලැබුණු ත්‍යාගයක් බවටද යුක්‍රේනය ගිවිසුම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරමින් සඳහන් කර තිබුණි.
රුසියානු ඩීසල් අපනයනය සඳහා යන සම්බාදක එළැඹෙන අප්‍රේල් මාය දක්වා අත්හිටුවීමට රුසියාව සමග එකඟතාවකට එළැඹුනු බවට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා පැවසීය.





















































