
හෙරොයින් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු හිඟුරක්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිඟුරක්ගොඩ මූලස්ථාන පොලීසිය සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා නිලධාරීන් එක්ව ඊයේ (02) සිදු කළ හදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 09 දෙනෙකු මින්නේරිය ප්‍රදේශයේද, තිදෙනෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේද, දෙදෙනෙකු මැදිරිගිරිය ප්‍රදේශයේද පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මෙහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 600ක්ද පොලීසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණයන් 13 දෙනෙකු සිටින බවද පොලීසිය පවසයි.
ප්‍රධාන සැකකරු හිඟුරක්ගොඩ, හය කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු වට්ස්ඇප් මාර්ගයෙන් පුද්ගලයන් හඳුනාගෙන හෙරොයින් අලෙවි කළ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු බව පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (03) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





















































