
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ කොළඹ ජාතික රෝහලේ මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නොතීසි නිකුත් කර තිබේ.
ඒ මෙම නඩුව මින් පෙර කැඳවූ අවස්ථාවේදී ජාතික රෝහල් අධ්යක්ෂවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සැකකාර සුරේෂ් සලේ මහතා රෝහලෙන් මුදා හරිනවාද නැද්ද යන අවසන් තීරණය ඉකුත් 28 වැනිදා ලබාගන්නා බවයි.
කෙසේ වෙතත් ඔහු තවමත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදුකළ කරුණු සළකාබැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
ඒ අනුව සුරේෂ් සලේ මහතාට මේවන විට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය මණ්ඩලයේ දස දෙනෙකුට නොතිසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය වාර්තාව කරුණු දක්වන ලෙසටද වෛද්‍යවරුන්ට නියෝග කෙරුණි.






















































