
ප්‍රංශයේ පැරිස් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් 400කට වැඩි සංඛ්‍යාවක් තවදුරටත් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එරට පාසල් කිහිපයක් ආශ්‍රිතව වාර්තා වූ සිසු විරෝධතා ප්‍රචණ්කාරී සිදුවීම් දක්වා වර්ධනය වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
ගුරු හිඟය, පහසුකම් ප්‍රමාණවත් නොවීම හා වඩා හොඳ ඉගැන්වීම් ක්‍රියාවලියක් ඉල්ලා මෙම විරෝධතා දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් විරෝධතා ප්‍රචණ්ඩකාරී සිදුවීම් දක්වා වර්ධනය වී ඇති අතර මේ හේතුවෙන් එම පාසල් ඉදිරි දින කිහිපයේ ද තවදුරටත් වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.





















































