
ඉදිරි මාස තුනක කාලය සඳහා ඩීසල් වෙනුවෙන් රුපියල් බිලියන 41 ක සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ටීවී දෙරණ නාළිකාවේ විකාශය වූ '360' දේශපාලන සාකච්ඡාමය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.





















































