header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කිරීමට සැලසුම්
පොලිස් නිල ඇඳුම නව ආකාරයකින්  නිර්මාණය කිරීමට සැලසුම්
Mobitel 1278

වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වෘත්තීමය පොලිස් සේවාවක් සහ වෘත්තීමය පොලිස් නිලධාරියෙකු නිර්මාණය කිරීමට හැකි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

85 වන පොලිස් මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ  පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන පරිදි පොලිස් නිල ඇඳුම නව මුහුණුවරකින් නිර්මාණය කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතින බවය.

එමෙන්ම ඉදිරි වසර තුළ පොලිස් සේවයට තවත් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් පසුගිය වසර 5 පුරා අහිමි වී තිබූ උසස්වීම් සියල්ල ජ්‍යෙෂ්ඨතාව, කාර්ය සාධනය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්‍රමවේද යටතේ මෙම වසර තුළ ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට තරාතිරම නොබලා විදේශ පුහුණුවීම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කැපවීම වෙනුවෙන් 2027 අයවැය හරහා විශේෂ අවදානම් දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති අතර, ඉදිරියේදී විද්‍යුත් යතුරුපැදි සහ යටිතල පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බව ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"අපි වසර දෙකක කාලයක් පුරාවටම මෙම පොලිස් සේවාව වඩා ඉහළින් ඔසවා තැබීමටත්, වෘත්තීමය පොලිස් සේවාවක් බවට වෘත්තීමය පොලිස් නිලධාරියෙක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් කිරීමටත් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසාම අපිට හැකියාව ලැබෙනවා පොලිස් සේවාවට 10,000ක් එකතු කරගැනීමට. ඒ වෙනුවෙන් ලබන වසර තුළ ඒ 10,000 සම්පූර්ණ කරනවා. ඒ වගේම වසර පහක කාලයක් උසස්වීම් අහිමි වෙලා තිබුණා. ඒ සියලු උසස්වීම් මේ වසර තුළ ජ්‍යෙෂ්ඨතා පදනම යටතේත්, කාර්ය සාධන පදනම යටතේත්, කාර්යක්ෂමතා කඩඉම් යටතේත්, නැත්නම් විභාග ක්‍රමය යටතේත් සම්පූර්ණ කිරීමටත්, එතැන් සිට සෑම වර්ෂයක් පාසාම විධිමත් පරිදි උසස්වීම් ක්‍රමවේදයක් කරා නියමිත කාලවකවානු තුළ උසස්වීම් ලබාදීමටත් අවශ්‍ය සියලු පියවර මේ වෙනකොට අරන් තියෙනවා. විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඉදිරියේදී එවැනි ස්ථාන මාරුවීම් ක්‍රමයක් හරහා නිවසට ආසන්න ප්‍රදේශවලට ස්ථාන මාරු ලබාගැනීමේ ක්‍රමවේදයකුත් සකස් කරමින් ඉන්නවා."

"පසුගිය වසර දෙක පුරාවට 1,000කට ආසන්න ප්‍රමාණයකට විදේශ පුහුණුවීම් ලබා දීලා තියෙනවා. ඉදිරියෙත් මේවා ශක්තිමත් කරලා, තරාතිරම නොබලා මේකට පහළ නිලයේ සිට ඉහළ නිලය දක්වා සියලු දෙනාට විදේශ පුහුණුව ලබා දීම සඳහා ක්‍රමවේදයකුත් මේ වෙනකොට සකස් කරමින් තියෙනවා. ඒ වගේම 2027 අයවැය ලේඛනය හරහා මේ විශේෂිත රාජකාරී කැපවීම වෙනුවෙන් අවදානම් දීමනාවක් ලබා දීමට මේ වෙනකොට අපි අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි අනාගතයේදී විද්‍යුත් යතුරුපැදි ලබා දීම, ඒ වගේම අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමත්, පොලිස් සේවයේ ගුණාත්මක සංවර්ධනයට ගැලපෙන ආකාරයෙන් පොලිස් නිල ඇඳුම නව ආකාරයකින් නිර්මාණය කර ගැනීම සඳහාත් මේ වෙනකොට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා."

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි