
මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් දරුවන් දෙදෙනෙකු මියගොස් මවට බරපතළ තුවාල සිදුව තිබේ.
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17 වූ පිරිමි දරුවන් දෙදෙනෙකි.
තුවාල ලැබූ මව හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





















































