
රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
අද (28) රාත්‍රි 8.15 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති අතර තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ 25 හැවිදිරි මලිදු ප්‍රසන් නම් තරුණයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවය.
T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොල්සිය කණ්ඩායම් 3ක් යොදවා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.





















































