
ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවනු ලබන නඩුවකදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන විත්තිකරු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.
ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන 'ක්‍රිෂ්' ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.



























































