
සූර්යබල ව්‍යාපෘතිවලට දමාඇති තහංචි වහාම ඉවත් කර ඊට අවසර ලබාදීමේ ක්‍රියාවලිය නැවතත් ආරම්භ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
වත්මන් රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම දැනුවත් කිරීමට එම කොමිසම හමුවට ගිය අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සූර්ය බලශක්ති ක්ෂේත්රයේ නියැලී සිටින පිරිසක් සමග විපක්ෂ නායක සජිත් අද (28) මහජන උපයෝගීතා කොමිසමට පැමිණ ඔවුන්ගේ ගැටලු පිළිබදව සකච්ඡාවක නිරත වුණි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
"නමට පුනර්ජන බලශක්ති ගැන කතා කර ක්‍රියාවෙන් සෘජුව සහ වක්‍රව තාප බලාගාර මාෆියාව ඉන්ධන බලාගාර මාෆියාව ප්‍රවර්ධනය කරන්නට රජය දරණ මේ උත්සාහයට විරුද්ධවයි අද අපි මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ සුනීත බලශක්ති ව්‍යවසායකයා වෙනුවෙන් පැමිණියේ... "





















































