header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් රු.බි. 4.6ක් අහිමි වෙලා
2019 - 2024 කාලය තුළ අධිවේගී මාර්ග ආදායමෙන් රු.බි. 4.6ක් අහිමි වෙලා
Mobitel 1278

2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුව ඇති ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික ආදායමක් අහිමිවී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම කාලය තුළ ප්‍රවේශ ටිකට්පත් මිලියන 133.8කට අධික සංඛ්‍යාවක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවක් සඳහා පිටවීමේ ටිකට්පත් නිකුත් කර නොතිබූ බව විගණනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව දෛනිකව අධිවේගී මාර්ග ආදායමෙන් අහිමිවූ මුදල රුපියල් මිලියනයකට ආසන්න බවද එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම විගණනයට අනුව විවිධ උපක්‍රම භාවිත කර අධිවේගී මාර්ග ආදායම් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා වංචා සිදුකර තිබුණද, ඊට වගකිව යුතු මුදල් අයකැමිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය හඳුනාගෙන විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි අක්‍රමිකතා වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකරණය කටයුතු කර නොමැත.

ඉහළ සඳහන් කාලය තුළ ප්‍රවේශ කවුළුවේ සේවය කළ අයකැමිවරුන් විසින් වාහන වර්ගය වෙනස් කරමින් ටිකට්පත් 241,964ක් නිකුත් කර ඇති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

අයකැමියන්ගේ අභිමතය පරිදි හෝ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන එවැනි වාහන වර්ග වෙනස්කම් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් හඳුන්වාදී නොතිබීම හේතුවෙන්, 2019 වසරේ සිට එවැනි දෝෂ වාර්තා වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් රුපියල් මිලියන 611,374ක ණය ලබාගෙන ඇති බවද එම වාර්තාවේ සඳහන්ව ඇත.

අධිවේගී මාර්ගවල සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් මිලියන 3,560.62ක් ලෙස ගණනය කර ඇති අතර, ඒ අනුව පොලී ගෙවීම් නොසලකා ණය මුදල පමණක් ගෙවීමට වසර 171කට වැඩි කාලයක් ගතවන බව විගණනයේදී නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමෙන් ණය සහ පොලී ගෙවීම් ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“22ට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය දෙන්න - ”දිලිත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

“අනුර රජය අපි ඉක්මනින් පරාජය කරනවා...ගෙදර යවනවාමයි”

 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු