
විරෝධතාවයක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ අතර පොලීසිය විසින් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට දෙසට වාහන ගමනාගමනය ද තාවකාලිකව වසා දමා ඇත.
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් අද උදෑසන සංවිධානය කර තිබූ විරෝධතාවය හේතුවෙන් මෙලෙස මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ වනවිට බත්තරමුල්ල ප්‍රදේශයට වැසි ඇද හැලෙමින් පවතින අතර වැසි නොතකා කළු පටි පැලඳ විරෝධතාකරුවන් පොල්දූව මංසන්ධියට රැස්ව ඇත.
විරෝධතාවයට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටී.



















































