header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
හයිවේ සීට් බෙල්ට් නීතියෙන් නිදහස් වෙන අය - අවම වේග සීමාවක් ගැනත් සාකච්ඡාවක්
හයිවේ සීට් බෙල්ට් නීතියෙන් නිදහස් වෙන අය  - අවම වේග සීමාවක් ගැනත් සාකච්ඡාවක්
Mobitel 1278

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කළද එම නීතියෙන් නිදහස් කාණ්ඩ දෙකක් පිළිබඳව පොලීසියෙන් අනාවරණය කරයි.

අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මහතා පවසා සිටියේ, 2025 ජූනි මස 25 වැනි දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව වයස අවුරුදු 12ට අඩු දරුවන්, ආසන පටි පැලඳීමට අපහසුතා ඇති බවට වෛද්‍ය නිර්දේශ ඇති අය සහ උස සෙන්ටිමීටර් 135ට අඩු පුද්ගලයින් මෙලෙස අධිවේගයේ ආසන පටි පැලඳීමේ නීතියෙන් නිදහස් වන බවය.

එසේ වුවද අධිවේගයේ ගමන් ගන්නා අයගේ ආරක්ෂාව ඔවුන් සතු කාරණයක් වන බැවින් ආරක්ෂාව වෙනුවෙන් සෑම විටම එම පුද්ගලයින් පවා ලැප් බෙල්ට් එකක් පැලඳීමට වගබලා ගත යුතු බවද සඳහන් කළේය.

“2025 ජූනි මස 25 වැනි දින ගැසට් එකේ පැහැදිලිව තියෙනවා කාවද සීට් බෙල්ට් පැලඳීමෙන් නිදහස් කරලා තියෙන්නේ කියලා. ඒකේ පැහැදිලිව කියනවා වයස අවුරුදු 12ට අඩු ළමයි සීට් බෙල්ට් පැලඳීමෙන් නිදහස් කරලා තියෙනවා. ඊට අමතර‍ව වෛද්‍ය නිර්දේශ මත ආසන පටි පැලඳීම යෝග්‍ය නොවන බව සඳහන් කරනවා නම්, ඒ අයත් එය පැලඳීමෙන් නිදහස් කරලා තියෙනවා.

සාමාන්‍යෙයන් උපලේඛනයට අනුව වෛද්‍ය වාර්තාවක් අරන් එන්න කියලා කියනවා. නමුත් අපිට බැලූ බැල්මට පේනවා නේ අසනීපයි නම්. ඒ වගේම උස සෙන්ටිමීටර් 135ට අඩු අයත් මේක පලඳින්න අවශ්‍ය නෑ. අඩිවලින් ගත්තොත් 4 හමාරට අඩු අයත් මේකෙන් නිදහස් කරලා තියෙනවා.

අවුරුදු 12ට අඩු ළමයි සහ උස අඩු අය ඇයි මේ නිදහස් කරලා තියෙන්නේ. එහෙම කෙනෙක් සීට් බෙල්ට් එකක් දාගෙන ගියොත් බෙල්ට් එක එන්නේ බෙල්ල හරහා. උස කෙනෙක් දැම්මොත් යන්නේ කඳ හරහා. බරපතළ අනතුරක් වුණාම කෙලින්ම ගිහින් එතකොට බෙල්ල හිරවෙන්නේ. ඒකේ තියෙන පසුබිම ඒකයි. ඒ නිසා ඒ අයව නිදහස් කළේ. ඒකෙන් ගම්‍ය වෙන්නේ නෑ සීට් බෙල්ට් පලඳින්න එපා කියන කාරණය. එහෙම අයට ලැප් බෙල්ට් එකක් දාගන්න පුළුවන්. බෙල්ට් එකක් පලඳින්න බැහැ කියලා දෙයක් නෑ. අවශ්‍ය අය පලඳින්න පුළුවන්. ඒ නිසා පිටිපස්සේ යන ගාන වැදගත් නෑ හැමකෙනාම ආසන පටි පලඳින්න ඕනේ.

ගොඩක් අය අහලා තිබුණා ඒ අයගේ ජීවිත ජීවිත නෙමෙයි ද කියලා. කුඩා ළමයෙක් අරන් යද්දි ඒ ළමයා ආරක්ෂිතව අරන් යන්න දෙමාපියන් දැනගන්න ඕනේ. ආරක්ෂාව කියන කාරණය එළියේ ඉන්න පොලිස් නිලධාරියාටවත්, වෙන කෙනෙක්ටවත් නෙමෙයි තමන් විසින් ඒ ආරක්ෂාව කියන කාරණය තහවුරු කරගන්න.”

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ අධිවේගයේ ගමන් ගන්නා වාහන අතර පරතරය ඉතා වැදගත් කාරණයක් බවත් සෑම විටම එය රියදුරන් විසින් ඔළුවේ තබා ගත යුතු අතර, මීටර් 80ක පමණ පරතරයක් තබා ගන්නා ලෙස පැවසුවද වැසි දිනකදී නම් එය මීටර් 100ක පමණ වුවත් ගැටලුවක් නොවන බවද සේනාධීර මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

එපමණක් නොව බොහෝවිට අධිවේගයේ වම්පස මංතීරුවේ වාහන ධාවනය කළ යුතු අතර, වාහනයක් ඉස්සර කිරීමේ දී දකුණු පස මංතීරුව භාවිත කළ යුතු බවද සඳහන් කර සිටි මහතා, අධිවේගයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා සෙමින් ගමන් කරන වාහන ගැනද ඉදිරියේ දී සොයා බැලීමට නියමිත බව සේනාධීර මහතා පැවසීය.

ඒ අනුව අධිවේගයේ වාහන ධාවනයට අවම වේග සීමාවක් පැනවීම පිළිබඳව ද සාකච්ඡා කරමින් සිටින බවද පැවසු රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මහතා, අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ රිය ධාවනය කරන්නේ නම් පොලීසියේ  070 47 55 600 යන වට්ස්ඇප් දුරකථන අංකයට වීඩියෝ දර්ශනයක් යොමු කළ හැකි බවද සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana