
2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆික් (TT) හුවමාරු ක්‍රමය හරහා රුපියල් බිලියන 24.8ක වටිනාකමින් යුත් අමෙරිකානු ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අදාළ පුද්ගලයා විසින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර මෙම මුදල් විදේශ ගිණුම් වෙත යවා ඇති බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































