
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් මේ වනවිට පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලැබූ මෙම විරෝධය අද (24) උදෑසන 9.30ට පමණ පොල්දූව මංසන්ධියෙන් ආරම්භ වුණි.
අද උදෑසන සිට බත්තරමුල්ල ප්‍රදේශයට වැසි ඇදහැලෙමින් පැවතියට විරෝධතාකරුවන් විශාල පිරිසක් මේ වනවිට විරෝධතාවයට එක්ව තිබේ.
විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ, නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පක්ෂයේ නියෝජිතයින් සහ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, විරෝධතාකරුවන් මේ වනවිට පාර්ලිමේන්තු පිවිසුම දෙසට මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටී.
විරෝධතාකරුවන් අතරට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමට උත්සාහ දරන වත්මන් ආණ්ඩුව ඉතා ඉක්මනින් පරාජය කරන බවත් හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය.



















































