
මුලතිව් දිස්ත්‍රික්කයේ මාංකුලම් පොලිස් වසමට අයත් පනික්කන්කුලම් ප්‍රදේශයේ නිවසක නිදාගනිමින් සිටි අඹුසැමි යුවළක් පහරදී ඝාතනය කර තිබේ.
අද (24) අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.
නිවසක පියා, මව සහ දියණිය නිදාගනිමින් සිටියදී අලුයම නිවසට අතුළු වූ පිරිසක් පියාගේ සහ මවගේ හිසට තදින් පහරදී ඇත.
එහිදී දියණිය කෑගසා ඇති අතර, අසල්වාසීන් පැමිණ ඔවුන් බේරාගෙන මාංකුලම් මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත්, දෙදෙනාම ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවකට සිදුකළේද යන්න සම්බන්ධයෙන් සිද්ධිය වූ ස්ථානයට පැමිණි මාංකුලම් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
තවද, මූලික විමර්ශන සඳහා ස්ථානීය පරීක්ෂණ පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් ආරම්භ කර ඇත.
මියගිය අයගේ මෘත ශරීර මාංකුලම් මූලික රෝහලේ තැන්පත් කර ඇති බව ඳසහන් වෙයි.


















































