header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්
Mobitel 1278

අමෙරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ (Southern Illinois University Carbondale) ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන මෙරට ආචාර්ය ලහිරු ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්‍යාඥ කණ්ඩායමක් විසින් අතිවිශිෂ්ට සහ අනාගතයට ගැළපෙන නවෝත්පාදනයක් සිදුකර තිබේ.

නාසා (NASA) ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම පර්යේෂණය හරහා, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ඉවතලන ශාක ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රෝටීන් බහුල, ආහාරයට ගත හැකි 3D මුද්‍රිත කුකීස් (3D-printed cookies) වර්ගයක් සාර්ථකව නිෂ්පාදනය කිරීමට ඔහු සමත්ව ඇත.

මෙම අභිමානවත් සන්ධිස්ථානය හරහා ලෝකයටම ආදර්ශයක් වීමට මෙරට බිහි වූ දක්ෂ විද්‍යාඥයෙකු සමත් වීම ශ්‍රී ලංකාවටද ඉමහත් ආඩම්බරයකි.

මෙම අපූරු ක්‍රියාවලිය සිදුවන ආකාරය

මූලික අමුද්‍රව්‍ය - ජල බෝතල් සහ සිසිල් බීම බෝතල් නිෂ්පාදනයට බහුලව යොදාගන්නා පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික්, ඉවතලන ඉරිඟු ගස්වල කොටස් සහ අනෙකුත් ජෛව ස්කන්ධ (biomass) මෙහිදී භාවිත කෙරේ.

බිඳ දැමීමේ ක්‍රියාවලිය (Oxidative Hydrothermal Dissolution)- ප්ලාස්ටික් සහ ශාක අපද්‍රව්‍ය අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ජලය සහ ඔක්සිජන් සමඟ මිශ්‍ර කර, ක්ෂුද්‍රජීවීන්ට දිරවිය හැකි කුඩා අංශු බවට පත් කරනු ලබයි.

ක්ෂුද්‍රජීවී දායකත්වය - බිඳ දැමූ ප්ලාස්ටික් සංයෝග වෙත විශේෂයෙන් සකස් කරන ලද බැක්ටීරියා හෝ යීස්ට් (yeast) වික්‍රියා එකතු කරනු ලැබේ. මෙම ක්ෂුද්‍රජීවීන් ප්ලාස්ටික් උපද්‍රව්‍ය පරිභෝජනය කරමින්, ඒවා ප්‍රෝටීන්, මේද සහ අත්‍යවශ්‍ය සීනිවලින් පිරුණු පෝෂ්‍යදායී ජෛව ස්කන්ධයක් බවට පරිවර්තනය කරයි.

3D මුද්‍රණය - එලෙස සකස් කර ගන්නා ලද පේස්ට් එක, තන්තු (fiber), පිෂ්ඨය (starch) සහ රසකාරක සමඟ මිශ්‍ර කර 3D ආහාර මුද්‍රණ යන්ත්‍රයකට (3D food printer) යොමු කරයි. එහිදී එය කුකීස් හැඩයට ස්ථරයෙන් ස්ථරයට මුද්‍රණය කර, අවසානයේ ඝන ආහාරයක් ලෙස බේක් කර ගනු ලැබේ. "µBites" ලෙස නම් කර ඇති මෙම කුකීස් එකක නිෂ්පාදන පිරිවැය කිලෝග්‍රෑමයකට අමෙරිකානු ඩොලර් 60 කි.

මෙම නවෝත්පාදනයේ ඇති ප්‍රයෝජන

අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා - අඟහරු වෙත යන දීර්ඝ අභ්‍යවකාශ මෙහෙයුම් වැනි දිගුකාලීන ගමන්වලදී අභ්‍යවකාශ ගගනගාමීන්ට අවශ්‍ය ආහාර සැපයීම සඳහා මෙය ඉමහත් පිටුවහලකි. නෞකාව තුළ ඇති ප්ලාස්ටික් ඇසුරුම් සහ ඉවතලන උපකරණ මෙලෙස නැවත පෝෂ්‍යදායී ආහාර බවට පත් කර ගැනීමට මෙයින් අවස්ථාව සැලසේ.

සබ්මැරීනවල හෝ ස්වභාවික ආපදා කලාප වැනි ආහාර ලබාගැනීමට අපහසු අවස්ථාවලදී මෙම ආහාර ඉතා ප්‍රයෝජනවත් වේ.

2050 වන විට ගෝලීය ආහාර ඉල්ලුම ඉහළ යාමත් සමඟ ලෝක ජනගහනය මුහුණ දෙන කුසගින්න වැනි ගැටලු සඳහා ක්ෂුද්‍රජීවීන් ආශ්‍රිත මෙම තාක්ෂණය මහඟු විසඳුමක් වනු ඇතැයි ආචාර්ය ජයකොඩි පෙන්වා දෙයි.

ප්ලාස්ටික් දූෂණ ගැටලුවට සහ ආහාර අනාරක්ෂිතභාවයට එකවර විසඳුම් ලබා දෙන මෙම විප්ලවීය සොයාගැනීම සම්බන්ධයෙන් තවදුරටත් මිනිසුන් මත පරීක්ෂා කිරීම සඳහා ආයතනික අනුමැතිය ලැබීමට නියමිතව ඇති අතර, දැනට සිදු කළ පරීක්ෂණවලදී මෙම කුකීස්වල සුවඳ ඉතා යහපත් මට්ටමක පවතින බව පර්යේෂකයෝ තහවුරු කරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 21ක්... පියා මියගිහින් මව සහ පුත්‍රයාට තුවාල...

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

සොයිසාපුර රත්කළ ගින්න..ගිනිගත් නිවසේ ගෑස් සිලින්ඩර් 20කට වඩා"පුදුමයි ඔච්චර ගෑස් තිබුණා කියලා "

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

අනෝජන්ට මරණ දඬුවම නියම වුණේ කාගේ වරදින්ද ?"වරද සිදුවුණේ විදේශ අමාත්‍යාංශයෙන්"

 මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

මත්තේගොඩම කළු දුමෙන් වැසී ගිය ගරාජයේ ගින්න..ගින්න නිවීමට ගිනිනිවීමේ රථ 2ක්

 සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

සහනාධාරයක් ලබාදෙමින් ඉන්ධන සැපයුම් අඛන්ඩව පවත්වාගෙන යාමට රජයෙන් සැලසුම්...

 මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් - පුද්ගලයින් තිදෙනෙකුට තුවාල

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

කොළඹ දිසා අධිකරණයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම හඳුන්වාදෙයි

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි