
ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
ඒ සැකකාරිය අද (24) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය නැමැති භූමිය Krrish Transworks Colombo (pvt) Ltd සමාගමට කඩිනමින් ලබාගැනීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාගැනීමට එම සමාගමේ හිටපු අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ජානකී ද සොයිසා සිරිවර්ධන මහත්මිය අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබුණි.
එහිදී ඇය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී සැකකාරිය අත්අඩංගුවටගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ අමා විජේසිංහ මහත්මිය කරුණු දැක්වුවාය.
" ස්වාමිනි, කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් භූමියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් කඩිනමි කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා Krrish Transworks Colombo (pvt) ltd සමාගම නිමල් පෙරේරා නැමැත්තා හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මිලියන 70ක අල්ලසක් අවස්ථා 03කදී තුටු පඬුරු ලෙස ලබාදී තිබෙනවා. අදාළ Krrish සමාගම එළඹ සිටී ගිවිසුම් සහ එහි ගනුදෙනු පිළිබඳ හොඳ අවබෝධක් තිබූ තැනැත්තියක් ලෙසයි අද මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන්නේ. අදාළ අල්ලස් ලබාදීමේ ක්‍රියාවලියේදී මැය ඒ පිළිබඳ දැනුවත්භාවයකින් සිට ඇති අතර නිර්දෝෂී මනසකින් කටයුතුකර නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකාර නිමල් පෙරේරා ඔහුට සිදුව ඇතැයි කියන මරණ තර්ජන හේතුවෙන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින්නේ.මේ ගනුදෙනුවට අදාළව Krrish සමාගමේ තවත් ලේඛන සොයාගතයුතුව පවතිනවා. එමෙන්ම මෙම සැකකාරිය විමර්ශනවලට සහය ලබාදීත් නැහැ.මේක ස්වාමිනි සංකීර්ණ විමර්ශනයක්. මේ ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් අයදීම, පිරිනැමීම සහ ලබාගැනීම යන කොටස් තුනටම අදාළව අපි අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා. අදාළ ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වූ ඉන්දීය ජාතික අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා නැමැත්තන්ට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස Email පණිවිඩ යොමුකර තිබුණත් ඔවුන් තවමත් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එබැවින් මෙම සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපකර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අල්ලස් මුදල ලබාගත් බවට සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටින දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර ලබාදෙමින් බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම්දීමක් කරන ලෙස අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."
මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලෙන් විමසා සිටියේ අදාළ පුද්ගලයා අල්ලස් මුදල ලබාගත් බවට අනාවරණය කර ඇත්තේ එම මුදල බැර වූ බැංකු ගිණුම් හිමියාවන නිමල් පෙරේරා විසින්ද යන්නයි.
ඊට අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය "ඔව්" යනුවෙන් පිළිතුරු දුන්නේය.
අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධන වෙනුවෙන් නීතිඥ මේරි ඩික්මන් මහත්මිය සමඟ පෙනී සිටි නීතිඥ අමිල දිසානායක මහතා ඇප අයැදුමක් සිදුකළේය.
“ස්වාමිනි, මේ කියන මිලියන 70ට අදාළව මුලින්ම පැමිණිල්ලක් ඇවිල්ලා තියෙන්නේ 2015 වර්ෂයේ. 2025 වසරේ ජනවාරි මාසයේ සාපරාධි විශ්වාසය කඩකිරීමට අදාළව නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමකුත් සිදුකර තිබෙනවා. රගර් ක්‍රීඩාව ප්‍රවර්ධන කිරීමට ලබාදුන් මුදලක් වංක ලෙස පාවිච්චි කරමින් සාපරාධි විශ්වාසය කඩකළා කියලයි ඒ නඩුව තියෙන්නේ. ඒ නඩුවේ සාක්ෂිකරුවෙක් තමයි මගේ මේ සේවාදායකයා. එහෙම තියෙද්දි දැන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒ මිලියන 70ටම අදාළව අල්ලස් චෝදනාවක් ගෙනල්ලා මගේ සේවාදායිකාව සැකකාරියක් කරමින් චෝදනා ඉදිරිපත්කර තිබෙනවා. දැන් අපිටත් ප්‍රශ්නයක් මේ මිලියන 70 සාපරාධි විශ්වාසය කඩකිරීමක්ද නැත්නම් අල්ලස් ලබාදීමක්ද කියලා. එබැවින් ස්වාමිනි මේ කරුණු සුවිශේෂි කරුණු ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”
එහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් විමසා සිටියේ සැකකාරිය වෙනුවෙන් සිදුකරන කරුණු දැක්වීම පිළිබඳ පැමිණිල්ලේ මතය කුමක්ද යන්නයි.
ඊට පිළිතුරුදුන් අල්ලස් කොමිෂමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ අදාළ නඩු දෙක වෙන් වෙන්ව චෝදනා යටතේ සිදුකරන නඩුකරයන් වන අතර ඒකාබද්ධව සිදුකරන නඩු නොවන බවය.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙසේ පැවසුවා,



















































