
බුත්තල - මොනරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (24) උදෑසන අනතුරක් සිදු වී තිබේ.
මෙම අනතුරින් මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
වැල්ලවාය සිට මොනරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය මඟීන් බැස්වීම සඳහා මහගොඩයාය ප්‍රදේශයේ නතර කිරීමේ දී පසුපසින් පැමිණි මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ පසුපස ගැටී අනතුර සිදු වී ඇත.
අනතුර සම්බධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.


















































