
පාකිස්තානයේ සිට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් බහාලුම් දෙකක සඟවා ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරායේ CICT පර්යන්තයේ රඳවා තිබීම සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය පවසයි.
එම විමර්ශනයට අදාළව යම් යම් අඩුපාඩු සහ පැහැර හැරීම් නිරීක්ෂණය වී ඇති බැවින්, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, එම අභ්‍යන්තර විමර්ශනය මත්ද්‍රව්‍ය සමඟ පොලිස් භාරයට ගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකරන විමර්ශනයට කිසිදු බාධාවක් නොවන බව පොලීසිය සඳහන් කරයි.
එම ප්‍රධාන විමර්ශන කටයුතු ඉතා විනිවිදභාවයකින් යුතුව සිදුකරමින් පවතින බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.



















































