
දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 19 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, 2026 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි, කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු සහ ඒ පිළිබඳ නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව අදාළ විශේෂ කාරක සභාවට සිය අවසාන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස කාලය දීර්ඝ කර දී තිබේ.



















































