
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන පරිදි හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනු ලබයි.



















































