
රුපියල් ලක්ෂ අසූවක් වටිනා 'මරිජුවානා' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙරට කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ,ව්‍යාපාරිකයන් සඳහා වූ 'රක්ත මාවත' ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ඊයේ (09) රාත්‍රී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කොළඹ - 13,කල්පිටිය සහ කොළඹ - 02 යන ප්‍රදේශවල පදිංචි 34,37,54 යන වසස්වල පසුවන අය බව සඳහන් වෙයි.
අදාළ කාන්තාවන් තිදෙනා රාත්‍රී 10.50ට තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු කිහිපයක් තුළ ග්‍රෑම් 803ක් බරැති, මෙම 'මරිජුවානා' නම් මත්ද්‍රව්‍ය තොගය, තලපයක් සේ සකස් කර,පසුව ඒවා ගුලි 11ක් ලෙස කලු පැහැති සෙලෝටේප් යොදා, පිටතට කාන්දු නොවන ආකාරයට සකස් කර සගවා ගෙන තිබුණි.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ .



















































