
2025 වසරේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම මේ වන විට සිදු කර ඇත.
ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අදාළ සිසුන් තෝරා ගැනීම් සිදු කර ඇති අතර, තෝරාගත් සිසුන් සඳහා ලියාපදිංචි වීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ.
මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වී ඇති සිසුන් 2026 සැප්තැම්බර් මස 17 වන දිනට පෙර ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු වේ.
අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) හරහා ලබා ගත හැක.



















































