
Update:12.05AM
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා මුදල් විදෙස් රටවලට ප්‍රේෂණය කරන සමාගම් කිහිපයක් පිළිබඳව රේගුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් මෙම කූට ක්‍රියාව සිදුකරන බවයි.
ඔහු 2023 වසරේ ජනවාරි පළමුවැනිදා සිට 2025 වසරේ නොවැම්බර් මස 21 වනදා දක්වා කාලය තුළදී මෙරටින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් එනම් රුපියල් බිලියන 23කට අධික මුදලක් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
රජයේ හා පෞද්ගලික බැංකු 6කින් සමාගම් 26ක නම්වලින් අවස්ථා 3,198කදී ඔහු විසින් මෙලෙස මුදල් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
ඒ අනුව, අදාළ පුද්ගලයාව ඊයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Update:09.96AM
අමෙරිකානු ඩොලර් මිලියන 80ක් නීතිවිරෝධී TT (Telegraphic Transfer) ක්‍රමය හරහා විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මරදාන ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස විදේශීය ගිණුම් වෙත මාරු කර ඇති බවට සැක කෙරෙන අමෙරිකානු ඩොලර් මිලියන 80 හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදල 2023 සහ 2025 අතර කාලය තුළ හුවමාරු කර ඇති බවට වාර්තා වෙයි.



















































