
ගත වු දෙවසර තුළ ආණ්ඩුවේ ගුණාත්මකභාවය හානිවීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මේ හේතුවෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි විශ්වාස තැබිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජා ඇළ ඒකල ප්‍රදේශයේ මෙට්‍රො බස් ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහනට එක්වෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේය.

















































