
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල, දෙහිවල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මිතුරෙකුගේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (09) රාත්‍රී 11.45ට පමණ මෙය සිදුව ඇති බවය.
අත්බෝම්බය නිවසේ ගේට්ටුවෙන් ඇතුළට දමා අදාළ සැකකරුවන් පලාගොස් ඇත.
අත්බෝම්බය පුපුරා යෑමෙන් නිවසේ ඉදිරිපස ජනෙල් දෙකකට සහ විදුරුවලට හානි සිදුව ඇති අතර, ජීවිත හානි සිදුව නොමැත.
මෙලෙස ප්‍රහාරය එල්ල වී ඇත්තේ තරිදු රවිෂාන් යන අය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිසානායක මුදියාන්සේලාගේ අවිෂ්ක ඒෂාන් යන අයගේ මිතුරෙකු බවත්, මත් ජාවාරම්කරුගේ අනුගාමිකයන් සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයෙකු බවටත් තොරතුරු අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කොහුවල පොලිස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
අදාළ සිදුවීම සිදුවන විට එම නිවසේ සිට ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් පමණි.

















































