
දකුණු නයිජිරියාවේ තෙල් නළ මාර්ගයක විෂ දුම අඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 37දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොරතෙල් සොරකම් කිරීමට පැමිණි පුද්ගලයින් පිරිසකට විෂ දුම් ආඝ්‍රාණය වී මෙලෙස මියගොස් ඇති බවය.
තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නයිජීරියානු පොලිසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ දකුණු නයිජීරියාවේ පවතින දිළිඳුකම හේතුවෙන් පුද්ගලයින් විසින් නීතිවිරෝධී ලෙස තෙල් නල මාර්ගවලින් ඉන්ධන සොරකම් කිරීමට උත්සහ කරනු ලබන අතර එහිදී මෙම අනතුරු සිදුවන බවය.

















































